Sunday, August 24, 2014

මිනි කැට තිබියදී කළුගල් ඇහිදීම

අපේ ජීවිතයේ හොද දේවල් මනින්නේ කොහොමද? මේක 'මාර ' ගණයේ  ප්‍රශ්නයක් නේද?

මම අද පාන්දර රේඩිඔවෙන් බණ ටිකක් ඇහුවා. ඒ හාමුදුරුවන්ගේ බණ ටිකක් වෙනස්. ඒ වෙනසට මම නම් හරි කැමතියි.ඒ හාමුදුරුවෝ කියන්නේ හුගක් අය දැන් කරන්න දගලනනේ දස කුසල් කියන දේවල් කරන්න කියලා.නමුත් ඒ හාමුදුරුවෝ කියන්නේ ඒ දස කුසල් වලට වඩා අපිට පිං රැස්කර ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඒ කියන්නේ අපිට පුලුවන්නම් එක විනාඩි පහක් අපේ සිත දමනය කරගෙන සිත යහපත්ව පවත්වාගෙන යන්න එමගින් අපිට හුගක් පිං කර ගන්න පුළුවන්.මම හිතන්නේ අපි කිසිම කෙනෙක් ඒ ගැන හිතන්නේ නැහැ නේද? අපි බණක් අහනකොට එහි හොද නරක තීරණය කරන්නේ ඒ හාමුදුරුවන්ගේ ජනප්‍රියභාවයෙන් එහෙම නැතිනම් ඒ හාමුදුරුවෝ කියන කතා වලින්  නේද? බුදු රජුන් දේශනා කල ධර්මය වෙනස් එකක්. අපි බන අසා ඒ මගින්  ජීවිතයට ලබාගත හැකි දේ වෙනුවට අපි කරන්නේ බණවල  නැතිනම් දේශකයාගේ ගුණ අගුණ ගැන කතා කරනවා.මම හිතන්නේ අපි ඒක වෙනස් කලයුතු දෙයක්.

අපේ රට දුප්පත් රටක් එහෙම නැතිනම් දියුණු වෙමින් පවතින රටක් කියල කියමුකෝ.අපි අපේ සම්පත් නැහැ ඒ නිසා දියුණුවෙන්න අමාරුයි. අපිට හුගක් ප්‍රශ්න තියෙනවා කියල කියනවා. හිතනවා. අපිට ඉගෙනගන්න කන්න බොන්න සම්පත් අඩුබව කියනවා. දුක් වෙනවා.නමුත් මමනම් හිතන්නේ මේ ප්‍රශ්නය ගැන අපි ටිකක් වෙනස් විදිහකට හිතන්න ඕනේ.අපිට සම්පත් මදබව එක්ක හොද අවස්ථාවක් තියෙනවා. අපිට පුළුවන් ඒ අවස්ථාවල හොද සහයෝගයෙන් වැඩ කරන්න.

අපි හිතමු අපිට ඉගෙන ගන්න පරිගණක අඩුයි කියලා එවිට අපිට පුළුවන් තියෙන ඒවා අපි අතර බෙදාගෙන වැඩ කරන්න.  එමගින් අපි, අපේ දරුවන් හුගක් දේවල් ඉගෙන ගන්නවා.එසේ කිරීම මගින් සහජීවනය, සහෝදරත්වය, බෙදාහදාගෙන ජීවත්වීම, සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම වැනි උතුම් ගුණාංග වර්ධනය කර ගන්න අපිට පුළුවන්.


අපි හුගක් වෙලාවට පුරුදු වෙලා ඉන්නේ සුපිරි වෙළද සල් වලින් භාණ්ඩ මිලදී ගන්න.සුපිරි සැල් අයිති වන්නේ ලංකාවේ ඉන්න සුපිරිම ධනපතීන්ට. අපි එම වෙළද සල් වලින් මිලදී ගත්විට එම අදායමින් ඔවුන් සුපිරි මෝටර් රථ මිලදී ගැනීම සහ ලොව වටා සවාරි ගැසීම සිදුකරයි.නමුත් අපි එම භාණ්ඩයම උදාහරණයක් ලෙස එළවලු ටිකක් දුප්පත් වෙළෙන්දෙකුගෙන් ගත්විට, ඔහු ඔහුගේ සුළු අදායමින් තම පවුලේ බඩගින්න  ගැනීම, තම දරුවන්ට පාසල් පොත් පත් ලබාදීමයි.ඒ නිසා අපකලයුතු වන්නේ පොඩි වෙළෙන්දෙකුගෙන් අපට හැකි දේවල් මිලදී ගෙන ඔහුගේ භාණ්ඩවල ගුණත්වය ඉහල දැමීම සදහා ඔහුට උදවු කිරීමයි.


අපි ආදරය කරන අයට දිය හැකි උසස්ම දෙය කුමක්ක්ද? මමනම් හිතන්නේ ඒ අපේ කාලයයි.ඇත්තෙන්ම අපිට ආදරේ කරන අයට, අපි ආදරය කරන අයට ඕනේ කරන්නේ අප සමග කාලය ගත කිරීමයි.ඒ නිසා හැකි තරම් අපි ආදරය කරන අයට අප සමග කාලය ගත කිරීමට අවස්ථාව ලබාදිය යුතුයි.
අමගින් අපිට පුළුවන් ඔවුන්ගේ ජීවිතයේ හොද කොටසක් වීමට.

සමහර විටදී අපි වැරදි තීරණ ගන්නවා එසේම වැරදි කරනවා. ඒ බව අපි දැන  ගත්තහම ඒ ගැන දුක්වෙනවා.නමුත් ඇත්තටම  යුත්තේ ඒ වැරදි තුලින් අපිට ලබා ගත හැකි හොද  දෙය සොයා ගැනීමට ලැබෙන අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමයි.නමුත් අපි කණගාටු වීම පමණක් කිරීම මගින් ජීවිතයට හොද අවස්ථාවක් මග හැරී යනවා නේද? ඒ ගැනද මොහොතක් හිතන්න.



අපි තේ කෝපි බොනකොට හෝ කෑම  කනවිට හොයන්නේ හොදම කෝප්ප සහ පිගන්. ඒ වගේම අපි අනෙක් අයගේ ඒවා දිහා බලලා අපගේ ඒවා සමග සංසන්දනය කරනවා.එතකොට අපිට අපේ ආහාරයේ තියෙන රසය විදින්න අමතක වෙනවා.මම දන්නවා එක සරල දෙයක්.මම ඒක දන්නවා. නමුත් අපිට ඒක  ටිකක් වෙනස් කරන්න පුළුවන් නම් අපේ ජීවිතයට ලොකු දෙයක් ලබා ගන්න පුළුවන් කියලත් මම දන්නවා.අපේ ජීවිතයේ ගුණාත්මක භාවය තියෙන්නේ උපකරණ වල නෙමෙයි.අපේ රසාත්මක තාවය මත තමයි අපේ ජීවිත වල ගුණාත්මක භාවය රැදිලා තියෙන්නේ.

වෙනස්ව හිතන අයට ලැබෙනනේ  හොදම දේ නෙමෙ යි. නමුත් එයාල හැමදේම හොදම දේ කරගන්නවා.

වෙනස්ව හිතමු. ජීවිතය ජය ගනිමු.


No comments:

Post a Comment