Saturday, July 26, 2014

යදම් සහ පවුරු


මම පොඩි කලේ ඉදලම දැනගෙන හිටපු දෙයක් තමයි ජාතිය, ආගම එතකොට දේශපාලනය ගැන වාද විවාද කරන්න යාම හොද දෙයක් නෙමෙයි කියලා. නමුත් අද වෙන තුරු මට බැරි උනා ඒ දැනගෙන තිබුන දෙය ක්‍රියාවට නංවන්න.ඒ කියන්නේ ඒ  බහුබූත දේවල් ගැන තමන්ට හිතෙන දේ ගැන කතා නොකර ඉන්න. මම හිතන්නේ ඒ මාතෘකා අපේ ජීවිතයට හරිම සංවේදීයි.ඉතින් සංවේදී දෙයක් ගැන නොදොඩා ඉන්නේ කොහොමද?

මට මේ ලගදී මේ ගැන හොදටම වැදුනා ඒ කියන්නේ මම මගේ හොදම යාලුවෙක් එක්ක ආගම ගැන තර්කයකට පැටලුනා. නමුත් මට ඊට පස්සේ තමයි තේරුනේ මම කරගත්තේ අමුම අමු මෝඩ කමක් කියලා. මොකද එයා මාත් එක්ක කතා කිරීම පවා ටික වෙලාවකට නැවැත්තුවා ඒ හින්දා.මට ඒ නිසා මේ ගැන ටිකක් ගැඹුරින් හිතන්න සිද්ධ උනා.

ඒ නිසා මට සිද්ධ උනා මගේ අතීතයට ටිකක් යන්න. ඒ කියන්නේ මා මේ ලෝකෙට බිහිවීම, මගේ දෙමව්පියෝ,අපේ ගෙදර, ගම , යාලුවෝ සහ සමාජය මේ ගැටලුවත් එක්ක සම්බන්ධ කර ගන්න.

මගේ පළමු ප්‍රශ්නය මම මටම ඉදිරිපත් කලා. ඇයි මම මගේ ආගම අදහන්නේ? මට ලැබුණු එකම උත්තරය උනේ, උබේ දෙමව්පියෝ මේ ආගමේ හින්දා. උබට සිදු උනා මේ ආගම වැළදගන්න.

මගේ දෙවැනි ප්‍රශ්නයද මම ඉදිරිපත් කලා. මට මගේ ජාතිය ලැබුනේ කොහොමද? උත්තර උනේ උබේ දෙමව්පියෝ මේ ජාතියේ  හින්දා.උබට සිදු උනා මේ ජාතිය වැළදගන්න.

මගේ තුන්වන සහ අවසාන ප්‍රශ්නය, මට මගේ දේශපාලන පක්ෂය ලැබුනේ ? ඒ උත්තරයත් ඉහත උත්තරත් අතර වෙනසක් තිබුනේ නැහැ. ඒ නිසා මම මගෙන් ප්‍රශ්න ඇසීම නතර කිරීම යහපත් බව තේරුම් ගත්තා.

මට හිතෙන්නේ අපි මොකකට හරි කොටුවෙලා ඉන්නේ කියලා.මොකක්ද කියලා  මටත් හරියටම තේරෙන්නේ නැහැ. ඒත්  මට එක දෙයක් නම් පැහැදිලියි. ඒ කියන්නේ අපේ නිදහස් චින්තනය කියන එක මොටවෙලා තියෙන්නේ ඒ කියන්නේ අපි ගිරව් වගේ තමයි අපිට කියපු දෙයක් එහෙමත් නැතිනම් උරුම වුන දෙයක් කරේ තියාගෙන යන්න පුරුදුවෙලා තියෙන්න.

අපිට උරුමවෙලා තියෙන දෙයින් පිට හිතන්න පුරුදුවෙලා නැහැ. ඒ වගේම වෙනස් අදහස් දරන අයව දකින්නෙත් හරියට පිස්සෝ වගේ. අපිට උරුමයෙන් ලැබිලා  තියෙන දෙයින් පිට හිතන්න කිසිම වෙලාවක පුරුදු වෙලා නැහැ. අපි පොඩි කාලේ ඉදලම හිතන්නේ අපේ සමීපතමයන් හිතන විදිහටයි. එතනින් එහාට ගිහිල්ලා පොඩ්ඩක් වත් වෙනස්ව චින්තනය මෙහෙයවන අපිට අවශ්‍යතාවයක් ඇවිල්ලා නැහැ නේද? එහෙම නැතිනම් අපි ටිකක් වෙනස්ව හිතන හැම අවස්ථාවකම අපිට ලැබුනේ සරදම්ක් පමණයි.ඒ නිසා අපේ චුට්ටක් හරි තිබුන නිදහස් සිතුවිලි තිබිරිගෙහිම මියැදුනා. 

 ඒ වගේම අපි අනෙක් අයගේ තියෙන අලුතින් හිතන, වෙනස්ව හිතන හෝ නිදහස්ව හිතන ගතියට පන්නරයක් දෙන්න හිතුවේ නැහැ නේද? එහෙම අපි පොඩි හරි තල්ලුවක් දෙන්න පුරුදු උනොත් මේ ලංකාව මීට වඩා  හුගක් වෙනස්වෙයි කියලා මට නම් විශ්වාසයි.මොකද ශ්‍රී ලාංකිකයන් කියන්නේ ශ්‍රේෂ්ට ජාතියක්, උන්ට හොද දක්ෂතා තියෙනවා. අපේ කොල්ලා ලෝකේ හැම රටකම වගේ ඉන්නවා.ඒ වගේම හොද වැඩ්ඩෝ නැතිනම් හොද වැඩ කරුවෝ. ඒක සහතිකයි. එහෙම ජාතියක් වෙන අපේ හපන්කම් මොට වෙන්න බලපාන ප්‍රධානම සාධකය වෙලා  තියෙන්නේ මේ අපි කතා කරන මොලේ කුරුවල් කරගෙන තිබීමයි.

මට විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මේ ආගමික සාහිත්‍ය කියන දේ ගැන. මොකද මේ වෙද්දී අපේ ඒ සියලු ආගම් නිර්මාතෘ වරුන් විසින් ගොඩනගාගත් ධර්මය මේ මම කියන සාහිත්‍යයත් එක්ක වෙනස් වෙලා නැත්නම් විකෘත්ති වෙලා එහෙමත් නැතිනම් මේවා උවමනාවෙන්ම වෙනස් කරලා.

මට හරිම සුන්දර උදාහරණයක් හමුඋනා ඒ එකත් ආගමකට සම්බන්දයි. අයියෝ මල වදේ  කිසිම දෙයක් කරන්න බැහැනේ මේ තහනම් වචන නැතුව.එත් ඉතින් මේක කියන්නම වෙනවා.වෙන මොනවා කරන්නද? මේකෙන් කිසිම ආගමකට අපකීර්තියක් නොවේවා කියලා තමයි පටන් ගන්නේ.

සාහිත්‍ය  අනුව ජේසු තුමාගේ මරණය සිදුවීම,  'ජේසුස් අපගේ පව් වෙනුවෙන්  මියගිය' (Jesus died for our sins) බව පැවසෙනවා ඒ වගේම ජේසුස් මියගියේ අප වෙනුවෙන් බව කියනවා (Jesus died for us) නමුත් සත්‍ය වශයෙන් සිදුවී ඇත්තේ, ජේසුස් මියගියේ  අපගේ පව් හේතුවෙනුයි (Jesus died because of our sins) එනම් ජේසුස් මියගියේ අප නිසයි, අපි හින්දයි  (Jesus died because of us) එනම් ජේසු තුමාව ඒ තත්වයට පත් කරනු ලැබුවේ මිනිසුන් විසින් බවයි. 

එසේම බුද්ධධර්මයට අනුවද බුදුන් විසින් දේශනා කල සමහර දේ වෙනස් කිරීමද එසේම දේශනා නොකළ දේ සාහිත්‍යට එකතුවී තිබීමද දැකිය හැක. 

මම  මේ දේ කියා සිටියේ කිසිම ආගමකට අපකීර්තියක් ගෙනදීමට නොවේ සිදුවී තිබෙන දේ පිලිබදව ඔබට යම් අදහසක් ලබාදීමට  පමණයි. වැරදි යමක් ලියවී ඇතිනම් මට සමාවෙන්න නමුත් මට හැගෙන දේ තමයි මේක, සත්‍ය සාධාරණය තීරණය කිරීම ඔයාට බාරයි .

දේශපාලනය ගැන කතා කිරීම අපි වෙන දවසක කරමු මොකද ඒක ගැන කතා කරන්න හුගක් දේවල් තියෙනවා .

නිර්ණයය
අපි ජීවිතයේ සියලු දේ දෙස බැලිය යුත්තේ ඉතාත විවෘත  මනසකින් යුතුවය. අපේ සංස්කෘතිය විසින් අපිට ලබාදීමට උත්සාහ කරන දෙයට වැඩ යමක් අපේ සිතුවිලි රාමුවෙන් පිට ඇතිබව අප පසක් කරගතයුතු කාලය එලබී ඇත.අපේ සමාජයේ වටේටම තියෙන්නේ අපේ සිතුවිලි සීමා කරන යදම්  සහ පවුරුයි. ඒවා බිදගෙන යහපත් මනසින් ලෝකය දැකීමට ඔබට ඇරයුම්. 

මීට අමතරව ජීවිතයට ඉතාම වැදගත් වන කරුණු 10 ක් ගැන දැනගැනීම www.toptenreview.lk පිවිසෙන්න.

වෙනස්ව හිතමු, විවෘතව හිතමු, නිවැරදිව හිතමු  ජීවිතය ජය ගනිමු.

ඔබට ජය ශ්‍රී 

Monday, July 21, 2014

දුටු නොදුටු ආත්මීය බැදීම

අපි ආදරය කිරීමේදී මල් දීම, රාත්‍රී භෝජනයක් සදහා කැටුව යාම,පුංචි තෑග්ගක් දීම,අගය කිරීම සිප වැළද ගැනීම ආදිය සිදුකරනු ලබන්නේ අපේ ආදරයට කරනු ලබන ගරු කිරීමක් ලෙසයි. එසේම ඒවා ආදරයේ සංකේත බවටද ඒවා පත්ව ඇත.

අප විවාහ වුවාට පසුව කෙමෙන් කෙමෙන් ඉහත සංකේත අප අතරින් ගිලිහෙන අතර අපි ලිංගිකව හැසිරීම පිලිබදව සැලකිල්ල දක්වයි. එනම් ලිංගිකව හැසිරීමට පෙර අප විසින් කරනු ලබන 'ලිංගික සංසර්ගයට පෙර උත්තේජනය' (Foreplay) කටයුතු පිළිබද සහ ලිංගිකව එක්වීම (Intercourse) පිළිබද පමණක් අවදානය යොමු කරයි.

නමුත්  මේ කතා කරන්නේ ආදරය කිරීම හෝ ලිංගික සංසර්ගයට පෙර උත්තේජනය ගැනනම් නෙමෙයි.

මගේ අරමුණ,  ලිංගික හැසිරීමෙන් පසුව (Post Sex) අපි ක්‍රියා කල යුත්තේ කොහොමද යන්න පිළිබද පදවැල් කීපයක් ගොනු කිරීමයි. මම හිතන්නේ අපි හුගක් දෙනෙක් ඉහත කී ආදරය සහ ලිංගික සංසර්ගයට පෙර උත්තේජනය පිළිබද හසල දැනුමක් ඇති අයයි නැතිනම් එසේ සිතන අයයි.(මම හරිද?)

සංසර්ගයෙන් පසුව සිදු කරනු ලබන කටයුතු අපේ සාමාන්‍ය  සබැඳියාව (General Relationship)කෙරෙහිද ඉතා දැඩි ලෙස බලපාන බව දැන් විද්‍යාත්මක සමීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. සංසර්ගයෙන් පසුව සිදු කරනු ලබන කටයුතු මා නම් හදුන්වන්නේ සංසර්ගයෙන් පසු දක්වන සෙනෙහස (Post Sex Affection)කියයි. මොකද ඒක ජීවිතයට හරිම වැදගත් දෙයක්. මෙසේ සංසර්ගයෙන් පසු දක්වන සෙනෙහස නිසා ඉතා ඉහල ලිංගික තෘප්තියක් ලග කර ගත හැකි බව සමහර විටක අපිට දැනිල ඇති නමුත් ඒ ගැන හිතුවේ නැහැ නේද? අඩුම තරමින් විනාඩි 10 ක් 15 වත් මේ සදහා යෙදවිය යුතුයි.

සංසර්ගයෙන් පසු දක්වන සෙනෙහස, අපේ ජීවිතවල ආත්මීය සබැදියාව නැතිනම් බැදීම තහවුරු කරන තීරණාත්මක සාධකයක්.ඒ නිසා අපි කිසිම කෙනෙකුට බැහැ එක ලෙහෙසියෙන් අමතක කරලා දන්නා මොකද අපි හැමෝටම තියෙනවා ඒ ආත්මීය බැදීම්.

අතීතයේ විශ්වාස කරනු ලැබුයේ පිරිමින්ට වඩා ගැහැණු අය මේ සංසර්ගයෙන් පසු දක්වන සෙනෙහසට දැඩි කැමැත්තක් දක්වන බවයි නමුත් අලුත්ම පර්යේෂණ වලට අනුව පිරිමින් මේ සදහා වැඩි කැමැත්තක් දක්වන බව ඔප්පුවෙලා තියෙනවා.

මිනිසුන්ගේ ලිංගික තෘප්තිමත්භාවයට  මුලිකවම බලපාන සාධකය ලෙස මෙම සංසර්ගයෙන් පසු දක්වන සෙනෙහස හදුනාගෙන තියෙනවා.එනම් අප විසින් සිදු කරනු ලබන, සංසර්ගයෙන් පසු දක්වන සෙනෙහසට  අදාල කටයුතු වල ප්‍රමාණය සහ ගුණාත්මක භාවය මත මිනිසුන්ගේ ලිංගික තෘප්තිමත්භාවය  රදා  පවතින බවයි.

අතීතයේදී විශ්වාස කලේ පිරිමින් ආදර හැගීම් රහිත ලිංගිකත්වය මත පදනම් වී සබැදියාවන් ගොඩනගා ගන්නා කොටසක් ලෙසයි. නමුත් මෙය වැරදි  වටහා ගැනීමක්  හෝ නැතිනම් පිරිමින් වෙනස් වී  ඇති බවක් පෙනේ.

එය කෙසේ වෙතත් මෙය අපේ ජීවිතයට හොද පාඩමක් කියලා  දෙනවා නේද?

සංසර්ගයෙන් පසු දක්වන සෙනෙහසට  අදාල කටයුතු වල බලපෑම  සහ ගුණාත්මක භාවය මත ප්‍රධාන වන කරුණු 10 (Topten Highly Effective Post Sex Actions) දැන ගැනීම  සදහා www.toptenreview.lk/reviewcomparision.php?id=236 වෙත පිවිසෙන්න.

http://toptenreview.lk/reviewcomparision.php?id=236

මෙහි තියෙන ක්‍රියාකාරකම් වලට ඔයාට පුළුවන් vote කරන්න එනම් කැමැත්ත ප්‍රකාශ කරන්න, එසේම comment කරන්නත් පුළුවන් නිකන් ගොඩවෙලා   බලන්න මොනවහරි දෙයක් ඉගෙන ගන්න පුළුවන්නේ -ඔබට ජය. 
මේ ඔයාගේ ආදරණීය එරබදුයාය

http://toptenreview.lk/





Monday, July 14, 2014

වෙරළු සහ අපි

වෙරළු, ගමේ බොහොම ජනප්‍රිය  පළතුරක්.නමුත් මම මේ කියන්නනේ ඒ පලතුර ගැනනම් නෙවෙයි.  මම අද කාර්යාලයට එනකොට ඒ සිංදුව ඇහුනා. 'වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන කොටහක් නොකා දෙගුරුන්ටත්   තියාගෙන..... ' මේක සුනිල් එදිරිසිංහ මහත්තයාගේ සිංදුවක් .මම ඒ සිංදුව හොදට වින්දා.මම ඒ සිංදුව මීට පෙර අනත්ත වාරයක් අහලා තිබුනත් හොදට රස වින්දේ අද තමයි .ඔයත් පුලුවන්නම්  ඉස්සර වෙලා ඒ සින්දුව විදින්න. පස්සේ මේක කියවන්න.

අපිට උරුම වෙලා තිබුන බෙදාහදා  ගෙන කෑමේ සුන්දරවූ සංස්කෘතිය සම්පුර්ණයෙන් ම වගේ විනාශ වෙලා ගිහිල්ලා .අපේ හොදහිත තුරන් වෙලා. ගහේ කුණුවෙලා ගියත් උන්ට දෙන්න එපා කියන තරමට අපි වෙනස් වෙලා.

හුගක් අය මුදල් පසුපස හමායන්නේ හරියට ගොදුරු පසුපස හබා යන තිරිසනුන් ලෙසයි. අපි හැම දෙකටම ඉලක්ක පිහිටුවනවා. ඒවා  ළගා කරගත් විට අපි සතුටු වෙන වබ පවසනවා.නමුත් ඒවා හැමදාම ජීවිතයට සතුට ගේනවද? මේකට උත්තරය ඔයාගේ හිතේ දැන් තියෙනවා.මමත් එක දන්නවා.

ජීවිතයට හැමදාම සතුට  ගෙනෙන දෙයක් තියෙනවා.එක තමයි මානුෂික ගුණාංග සහිතව ජීවත්  වීම. 

එත් මානුෂික ගුණාංග දියුණු කර ගන්න කවදාවත් ම ඉලක්ක පිහිටෙව්වාද? අපි ඉලක්ක,පරමාර්ථ පසු පස හබා යන තවත් එක් සත්ව කොට්ටාශයක් ම විතරක්ද ?

අපේ ගති පැවතුම් අතින් බැලූ විට ගමෙයි  නගරයෙයි අතර වෙනසක් නැහැ කියල මට අද හිතෙනවා.

ඇත්තටම ඇයි  අපිට මෙහෙම උනේ? 

අද තියෙන්නේ මුදල මුලික කරගත් සමාජයක්. අපේ සමාජයේ පිළිගැනීම තියෙන්න සල්ලි බාගේ තියෙන මනුස්සයටයි .ඒ නිසා හැමෝම හිතන්නේ මුදල් හොයලා එයින් පිළිගැනීම හා බලය ලබා ගන්න.අපි හැමෝම අපි ඒ  උගුලේ අහුවෙලා ඉවරයි.දැන් කරන්න තියෙන්නේ  ඒක හොදින් තේරුම් ගන්න එකයි. හැමෝටම ඕන අපි ඒ උගුලේම තියාගන්නයි.ඒ උගුලේ අපි හැමෝම ඉන්නකොට අපි හැමෝටම ලේසියි.  අපි හුගක් අය ඒක දන්නවා නමුත් කරන්න  දෙයක් නැහැ කියලා අත්හැරලා දානවා උගුලෙන් ගැලවෙන එක.

අපි කොහොමද වෙනස් වෙන්නේ?

අපිට පුලුවන්නම් මානුෂික ගුණාංග සංවර්ධනය කිරීමේ ඉලක්ක නැතිනම් පරමාර්ථ පිහිට වන්න. එනම් මුදල්  මත පදනම් නොවූ ඉලක්ක වන මිනිසුන් දෙස කරුණාවෙන් බැලීම ,සෙනෙහස දැක්වීම, මිනිසුන්ට උදව් කිරීම, අවංකභාවය , සත්‍යය /යුක්තිය වෙනුවෙන් පෙනීසිටීම සහ සාධාරනභාවය යනාදී මානුෂික ගුණාංග දියුණු කිරීමේ සහ වර්ධනය කිරීමේ ඉලක්ක ඇතිකර ගතයුතුයි. එසේම ඒ සදහා ඇප කැප වී කටයුතු කලයුතුයි.

අද ඉදන් ඒ සදහා ක්‍රියාත්මක වෙමු. ජීවිතය සුභවාදිව විදගනිමු. ජය ලබමු.

ඔබට ජය ශ්‍රී 

එරබදුයාය 

ජීවිතයේ සුන්දර නවාතැන 



Friday, July 11, 2014

ජීවිතයේ සුන්දර නවාතැන

ජීවිතය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. ඒ පුදුමාකාර බව ඇතුලේ පුදුමාකාර සුන්දර බවක් තියෙන බව නම් අපි හුග දෙනෙක් දන්නේ නැහැ.ඒ නිසා අපිට ජීවිතයේ තියෙන සුන්දරත්වය විදගන්න බැරිවෙලා එහෙම නැතිනම් අමතක වෙලා තියෙනවා.අපි හැම වෙලේම හිතන්නේ ජීවිතය අපිට නපුරුයි කියල නමුත් ඒ සිතුවිල්ල තමයි  අපේ සතුට නැති කරන්නේ. ඒ නිසා අපි ජීවිතය දෙස අලුත් විදිහට හිතන්න පුරුදු වෙන්න ඕන.එතකොට අපිට තියෙන ප්‍රශ්න ගොඩක් නැතිවෙලා යනවා.අපි මේ ඉන්නේ සුන්දර නවාතැනක. ඒක අමතක කරන්න එපා.අමතක කලොත් අපිට හුගක් දේවල් නැතිවෙනවා.අපි එකිනෙකාට වෙනස් ඒ නිසා අනෙක් අයත් එක්ක තමන්ව සංසන්දනය කරන්න යන්න එපා .මේ පුංචි පද පේළිවල ලොකු අරුතක් තියෙනවා.ඒක දැන් ඔයා තේරුම් අරගෙන  තියෙන්නේ ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාගේ ජීවිතය සාර්ථක වෙනවා ඒක සහතිකයි. ඔබට ජය ශ්‍රී ....

මේ ඔයාගේම ආදරණීය එරබදු යාය 

ජීවිතයේ සුන්දර නවාතැන