Monday, July 14, 2014

වෙරළු සහ අපි

වෙරළු, ගමේ බොහොම ජනප්‍රිය  පළතුරක්.නමුත් මම මේ කියන්නනේ ඒ පලතුර ගැනනම් නෙවෙයි.  මම අද කාර්යාලයට එනකොට ඒ සිංදුව ඇහුනා. 'වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන කොටහක් නොකා දෙගුරුන්ටත්   තියාගෙන..... ' මේක සුනිල් එදිරිසිංහ මහත්තයාගේ සිංදුවක් .මම ඒ සිංදුව හොදට වින්දා.මම ඒ සිංදුව මීට පෙර අනත්ත වාරයක් අහලා තිබුනත් හොදට රස වින්දේ අද තමයි .ඔයත් පුලුවන්නම්  ඉස්සර වෙලා ඒ සින්දුව විදින්න. පස්සේ මේක කියවන්න.

අපිට උරුම වෙලා තිබුන බෙදාහදා  ගෙන කෑමේ සුන්දරවූ සංස්කෘතිය සම්පුර්ණයෙන් ම වගේ විනාශ වෙලා ගිහිල්ලා .අපේ හොදහිත තුරන් වෙලා. ගහේ කුණුවෙලා ගියත් උන්ට දෙන්න එපා කියන තරමට අපි වෙනස් වෙලා.

හුගක් අය මුදල් පසුපස හමායන්නේ හරියට ගොදුරු පසුපස හබා යන තිරිසනුන් ලෙසයි. අපි හැම දෙකටම ඉලක්ක පිහිටුවනවා. ඒවා  ළගා කරගත් විට අපි සතුටු වෙන වබ පවසනවා.නමුත් ඒවා හැමදාම ජීවිතයට සතුට ගේනවද? මේකට උත්තරය ඔයාගේ හිතේ දැන් තියෙනවා.මමත් එක දන්නවා.

ජීවිතයට හැමදාම සතුට  ගෙනෙන දෙයක් තියෙනවා.එක තමයි මානුෂික ගුණාංග සහිතව ජීවත්  වීම. 

එත් මානුෂික ගුණාංග දියුණු කර ගන්න කවදාවත් ම ඉලක්ක පිහිටෙව්වාද? අපි ඉලක්ක,පරමාර්ථ පසු පස හබා යන තවත් එක් සත්ව කොට්ටාශයක් ම විතරක්ද ?

අපේ ගති පැවතුම් අතින් බැලූ විට ගමෙයි  නගරයෙයි අතර වෙනසක් නැහැ කියල මට අද හිතෙනවා.

ඇත්තටම ඇයි  අපිට මෙහෙම උනේ? 

අද තියෙන්නේ මුදල මුලික කරගත් සමාජයක්. අපේ සමාජයේ පිළිගැනීම තියෙන්න සල්ලි බාගේ තියෙන මනුස්සයටයි .ඒ නිසා හැමෝම හිතන්නේ මුදල් හොයලා එයින් පිළිගැනීම හා බලය ලබා ගන්න.අපි හැමෝම අපි ඒ  උගුලේ අහුවෙලා ඉවරයි.දැන් කරන්න තියෙන්නේ  ඒක හොදින් තේරුම් ගන්න එකයි. හැමෝටම ඕන අපි ඒ උගුලේම තියාගන්නයි.ඒ උගුලේ අපි හැමෝම ඉන්නකොට අපි හැමෝටම ලේසියි.  අපි හුගක් අය ඒක දන්නවා නමුත් කරන්න  දෙයක් නැහැ කියලා අත්හැරලා දානවා උගුලෙන් ගැලවෙන එක.

අපි කොහොමද වෙනස් වෙන්නේ?

අපිට පුලුවන්නම් මානුෂික ගුණාංග සංවර්ධනය කිරීමේ ඉලක්ක නැතිනම් පරමාර්ථ පිහිට වන්න. එනම් මුදල්  මත පදනම් නොවූ ඉලක්ක වන මිනිසුන් දෙස කරුණාවෙන් බැලීම ,සෙනෙහස දැක්වීම, මිනිසුන්ට උදව් කිරීම, අවංකභාවය , සත්‍යය /යුක්තිය වෙනුවෙන් පෙනීසිටීම සහ සාධාරනභාවය යනාදී මානුෂික ගුණාංග දියුණු කිරීමේ සහ වර්ධනය කිරීමේ ඉලක්ක ඇතිකර ගතයුතුයි. එසේම ඒ සදහා ඇප කැප වී කටයුතු කලයුතුයි.

අද ඉදන් ඒ සදහා ක්‍රියාත්මක වෙමු. ජීවිතය සුභවාදිව විදගනිමු. ජය ලබමු.

ඔබට ජය ශ්‍රී 

එරබදුයාය 

ජීවිතයේ සුන්දර නවාතැන 



1 comment:

  1. මුදල කියන සාධකය මුල් කරගෙනම සම්බන්ඳතා ගොඩ නඟා ගන්න, ඒවා පවත්වාගෙන යන සමාජයක උඩුගම් බලා පිහිනන්න අමාරුයි. ඒත් පීනන එකා කාට නැතත් තමන්ගෙ හෘදය සාක්කියට අනුව දිනුම්.

    Blogger Dashboard එකේ Settings වල ඇති Posts and comments. අන්න ඒකෙ Show word verification කියලා තියෙන එක No කරන්න. මේක නොකොලොත් කමෙන්ට් කරන්න අමාරුයි.

    ReplyDelete